The Alchemist | සැන්තියාගෝ නම් සැරිසරන්නා
පරිවර්තක චූලානන්ද_සමරනායක මහතා මෙම ග්‍රන්ථය පිළිබඳව දක්වන අදහස,
'ද ඉකොනොමිස්ට් සඟරාව දක්වන ආකාරයට ග්‍රේබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස්ට පසුව පාඨක අවධානය වැඩියෙන්ම දිනාගත් ලතින් ඇමරිකානු ලේඛකයා පවුලෝ කොයියෝ ය. මේ වන විට කොයියෝගේ කෘති රටවල් 140 ක් තුළ භාෂා 55 කින් පරිවර්තනයන් 210 ක් වශයෙන් පිටපත් මිලියන 65 ක් අලෙවි වීම මගින් පැවසෙන්නේ එම ප්‍රකාශනයේ සත්‍යතාවයි.
ඩේලි එක්ස්ප්‍රස් පුවත්පත සදහන් කරන පරිදි පාඨකයන්ගේ ජීවිතය සදහටම වෙනස් කිරීමේ සමත් කෘතියක් දශක කීපයකට වරක් පළ වෙයි. කොයියෝගේ අග්‍ර කෘතිය වන The Alchemist නම් මේ නවකතාව එවැනි ගුණයෙන් හෙබි කෘතියකි.මෙම කෘතිය අද වන විට නූතන සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් ලෙස අවිවාදයෙන් පිළිගනු ලබයි. '
____________________________________________________________________________________________
"යමෙක් සිය ඉරණම ලුහුබැඳ යාමට එඩිතර වන්නේ නම් ඔහුට එය ජය ගැනීමට මුළු ලොවම පෙළ ගැසෙයි"
යන තේමව ඔස්සේ සැන්තියාගෝ නම් තරුණයා තම ඉරණම සොයා ඈත එපිට දේශයන් කරා සංචාරය කරති.එසේ යන අතරමගදී ඔහුට බොහෝ දෙනාගෙන් ජීවිතය පිළිබඳ බොහෝ පාඩම් ඉගණගැනීමට හැකියාව ලැබේ.ඒ ඔස්සේ ඔහු තම ජීවිතයේ යම් යම් වෙනස් වීම් ඇති කරගනිමින් ඉරණම සොයා ගමන්කරයි. විශ්වයේ භාෂාව තේරුම් ගනිමින් විශ්වය/සොබාදහම ලබා දෙන විවිධාකාරයේ ' නිමිති ' නිසි ආකාරව විකේතනය කරගනිමින් අනාගතය පුරෝකථනය කරගැනීම තුල මිනිසෙකුට සාර්ථක ජීවිතයක් ගතකිරීමට එය උපකාරී වන අන්දම මෙම නවකතාව තුල මැනවින් විග්‍රහකරනු ලැබේ. තවද තම අරමුණු අමතක කර දැමූ කෙනෙකු හට මෙම පොත මහත් සේ වැදගත් වේ.මක්නිසාදයත් කතාවේ එන සැන්තියාගෝ නම් එඩේර කොලුවාටද තම අරමුණ කීප විටකදීම අමතක වී යනවා. නමුත් ඔහු විශ්වයේ නිමිති නිසි ලෙස විකේතය තුලින් තම ඉරණම ලුහුබැඳ යාම නැවත අරඹණවා.එම නිසා ඒ තුලින් අප ජීවිතයේ අමතකව ගිය / මගහැරුණු අරමුණු නැවත අළුත් කරගැනීමට මෙම ග්‍රන්ථය උපකාරීවනු ඇති බවට විශ්වාස කරමි.
විශ්වාසය, මායාව, ආදරය, උත්සාහය,... යනාදී විවිධ තේමාවන් ඔස්සේ මෙම නවකතාව ඉතා ආකර්ශනීය ලෙස ආරම්භයේ සිට අවසානය දක්වා ගලායනවා. තවද මෙම නවකතාව තුල මතුපිටින් කියවෙන වීර චාරිකාවට සැඟව පවතින ඇතුල් කතාවක් ද ගැබ්ව පවතී.ඒ ඇතුල් කතාව තේරුම් ගැනීම තුල විශ්වයේ යාන්ත්‍රණය මැනවින් වටහා ගැනීමට ඔබට හැකිවනු ඇත. ඒ තුල අපටද සැබෑ යථාර්තය කුමක්ද? යන පැනයට පිළිතුර සොයාගැනීම පහසු කාර්‍ය්යක් වනු ඇත.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
•• සිංහල පරිවර්තනයේ අයිතිය © චූලානන්ද සමරනායක
•• ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට සීමාසහිත විශර්ශන (පුද්ගලික) සමාගම විසින් 2003 වසරේදී මුද්‍රණය කරන ලදී.
Author by Hasitha_Chathuranga

0 Comments
ඔබේ අඳහස් සහ යෝජනා පහතින් දක්වන්න