කෘතීම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය
AI එහෙමත් නැත්නම් කෘතීම බුද්ධිය වර්ථමානයේ පුවත් මවමින් ඉතා ශීග්‍ර දියුණුවත් කරා ගමන් කරමින් සිටී. බොහෝ බුද්ධිමතුන්ගේ මතය ඉදිරි දශකය තුල මෙම AI තාක්ෂනය ඇදහිය නොහැකි දියුණුවක් ලබනු ඇතය යන මතයි.මීටම සමගාමීව දියුණු වන නිවුන් සහෝදරයා වනුයේ රොබෝ තාක්ෂණයයි.අද වන විට මිනිසාගේ අංගචලන රාශියක්ද (Visual body technology) සමග ඉතා හොද ප්‍රතිචාර දැක්වීම් සිදු කරන රොබෝවරු [Ameca the humanoid robot] විද්‍යාඥයන් විසින් දැනටමත් නිර්මාණය කර අවසනය. ඒ සදහා කෘතීම බුද්ධි තාක්ෂණයද ඔවුන් උපයෝගී කරගෙන ඇත. ඒ අනුව අපට පෙනී යනවා අනාගතයේ දී මෙම තාක්ෂණයන් දෙකේ සංකලනය තුලින් ඉතා විශිෂ්ඨ නිර්මාණ ලෝකයට ඉදිරිපත් වන බව.
මෙම තාක්ෂණයන්ගේ ඉතිහාසය දෙසද අවධානය යොමු කිරීම අපට ඉතා වැදගත් ය.මක්නිසාදයත් ඒ තුලින් මෙම තාක්ෂණයන්ගේ විකාශනය පිළබඳව ඉතා හොඳ අවබෝධයක් අපට ලබාගත හැකි වෙනවා.පළමුව අප AI තාක්ෂණය පිළිබඳව අවධානය කරමු. මිනිස් ශිෂ්ඨාචාරයේ වැදගත් අවධි හතරක් ප්‍රධාන වශයෙන් විද්වතුන් නම් කරනු ලැබේ. ප්‍රථමයෙන් ගින්දර සොයාගැනීම දැක්විය හැක. ගින්දර සොයාගැනීමට ප්‍රථම මිනිසා ආහාර අමුවෙන් ගනු ලැබුවා.එහිදී මිනිස් මොළයට ලැබුනු ශක්ති ප්‍රමාණය අඩු අගයක් විය. නමුත් ගින්දර සොයාගැනීමත් සමඟ ආහාර පිස ආහාරයට ගැනීම නිසා මොළයට ලැබුණු ශක්ති ප්‍රමාණය වැඩි වුනි.එම නිසා නිර්මාණාත්මක කුසලතා සහ හොඳ චින්තන රටාවක් ගොඩනැගීමේ හැකියාව උදාවුනි.ඒ තුලින් මිනිස් ශිෂ්ඨාචාරය ශීග්‍ර දිණුවක් අතකර ගත්තේය.පසුව එසේ විවිධ කඩඉම් පසු කරමින් සිටි මානවයා නිශ්චිත භූමි ප්‍රදේශයක නතර වෙමින් විවිධ දෑ වගා කිරීම ආරම්භ කරන ලදී. ඒ තුලින් එඩේර යුගය ආරම්භ උනි.එය ශිෂ්ඨාචාරික මිනිසාගේ දෙවන හැරවුම් ලක්ෂය ලෙස හදුන්වනු ලබනවා. මුල් යුග වල මානවයා සංචාරය කරමින් ආහාර සොයා යෑමට සිදු උවද මේ එඩේර ජීවන රටාව නිසා එක භූමි ප්‍රදේශයට වී තම අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකි විය.ඒ තුල මිනිසාට අමතර කාලයක් ඉතුරු විය.එය නව නිපැයුම් ,නව සංකල්ප උප්පාදනය වීමට බෙහෙවින් උපකාර විය. එසේ සියවස් ගණනාවක් දිණුවෙමින් පැමිණි මානවයා පසුව රෝදය සොයාගැනීමට හැකි විය.එය මිනිසා විසින් ජයගත් තුන්වන පරිනාමික ජයග්‍රහණය ලෙස හදුන්වනු ලැබේ. ඒ තුලින් බිහිවී තිබූ නව දැණුම් පද්ධතීන් භූමියකින් තවත් භූමියක් කරා විකාශනය වීමට එය මහඟු පිටුවහලක් විය. එසේ විකාශනය වෙමින් පැමිණි ශිෂ්ඨාචාරික මිනිසා නව නිපැයුම්, දැණුම් පද්දතීන් බිහිකරමින් ඉදිරියට පැමිනියේය.එහෙත් කුමණ විශිෂ්ඨ නිර්මාණ කල ද මිනිස් මොළයට/සිතීමේ හැකියාවට අබියෝග කළ හැකි නිර්මාණයක් සිදු කිරීමට මිනිසා අපොහොසත් විය.නමුත් පරිගණක තාක්ෂණය සොයා ගැනීමත් සමඟ මිනිසාගේ සිතීමේ හැකියාවට අභියෝග කළ හැකි AI තාක්ෂණය පිළිබඳව කතිකාවක් ඇති උනි. එසේ සංකල්පයක් ලෙස පැමිණි මෙය පසු කලක යතාර්ථයක් බවට පත් විය.ඒ තුලින් මිනිස් ශිෂ්ඨාචාරය ශීග්‍ර දියුණුවක් අත්කරගමින් සිටී.මෙය මිනිසා විසින් ලද සිව්වන ශිෂ්ඨාචාරික ජයග්‍රහණය ලෙස හදුන්වනු ලැබේ.මෙම තාක්ෂණයේ දියුණුව නිසා අනාගතයේ දී තවත් තාක්ෂණික පිමි කීපයක් මිනිසා විසින් ලබාගැනීම නොවනුමානය.
ඉන් අනතුරුව අප රොබෝ තාක්ෂණය පිළිබඳව අවධානය යොමු කරමු. මෙයද මුල් යුගයේ සංකල්පයක් ලෙස පැවතුන්නකි (වර්ථමාන රොබෝවරු). රොබෝ තාක්ෂණයේ අතීතය දෙස හැරී බැලීමේදී එය ක්‍රිස්තු පූර්ව යුගයන් දක්වා දිව යනවා. මුල් යුග වලදී මිනිසා විසින් විවිධ උපකරණමය ස්වරූපයේ රොබෝවරු නිර්මාණය කරණු ලැබුවේය.නමුත් අද අප සමාජයේ කතාබහ වන රොබෝවරු පිළිබඳ තාක්ෂණය කරළියට පැමිණ ඉතා සුළු කලෙකි.නමුත් මීට අදාල සංකල්පය අතීතයේ සිට තිබුණි."රොබෝ (robot)" යන නම වැටුනු ආකාරය ද ඉතාම ආකර්ෂණීය ය. සිනමා පටයකට එක්තරා රොබෝ ආකෘතියක් යොදා ගෙන ඇති අතර එහි අධ්‍යක්ෂකවරයා එයට තැබූ නම වූයේ "රොබෝ" යන්නයි. එතැන් සිට ස්වයංක්‍රීය ලෙස හැසිරවෙන සියලු තාක්ෂණික පද්ධතීන් සඳහා රොබෝ යන නම භාවිතා වුණි.
මෙම තාක්ෂණයන් දෙකේ සංකලනය තුල ඉතා විශිෂ්ඨ නිර්මාණ වර්ථමානයේ දී මෙන්ම අනාගතයේ දී ද නිර්මාණය වනු ඇත. එහි අවසාන ජයග්‍රාහී කඩයිමක් ලෙස මිනිසා මෙන්ම විවිධ දේ පිළිබඳව සිතාමතා කටයුතු කරන රොබෝවරු අනාගතයේ දී නිර්මාණය වනු ඇත. ඒ තුල මිනිස් ක්‍රියාකාරකම් වල දැනට පවතින සංකීර්ණත්වය ලිහිල්බවක් ලබා ඉතා යහපත් ජීවන තත්ත්වයකට මිනිසා පැමිණෙනු ඇතැයි විශ්වාස කරමි. එහෙත් සමහර විද්වතුන්ගේ මතයක් වනුයේ මෙසේ දියුණු වන තාක්ෂණයේ අහිතකර ප්‍රතිඵලයක් ලෙස මිනිසා අභිබවා රොබෝවරු යනු ඇති බවයි.ඒ තුල රොබෝවරුන්ගේ පාලනයට අප යටත් කරගනු ඇති බව.නමුත් එය එසේ නොවනු ඇත.මක්නිසාදයත් සාමාන්‍ය තත්වයේ මිනිස් සිතීමේ ශක්තිය අභිබවා රොබෝවරු ගියද වැඩි දෙනෙක් නොදන්නා මිනිසාගේ මොළයේ භාවිතයට නොගන්නා විශාල කොටසක් පවතී. ඕනෑම මිනිසෙකු මොළයෙන් 5%ක කොටසක් පමණක් භාවිතයට ගනී.එම නිසා ඉතිරි 95%ක කොටස භාවිතයට ගැනීමට නම් අධ්‍යාත්මක ක්‍රමයක් ඔස්සේ යමින් යම් ගවේශනයක් සිදු කිරීමට සිදු වෙනවා.එනම් සිත දියුණු කිරීමේ ක්‍රම ප්‍රගුණ කිරීමයි.බටහිර දැණුම් පද්ධතිය තුල එවැනි ක්‍රම ඉතා අල්ප බවක් දැක්වුව ද පෙරදිග දැණුම් පද්ධතිය තුල සිත දියුණු කිරීමේ ක්‍රම රාශියක් ඇත.එම ක්‍රම මනා ගරුහරුකම් සමඟින් ප්‍රගුණ කළ විට විශ්වයේ තත්ත්වයන් නිසි අවබෝදයකින් දැකීමේ තත්ත්වය උදාකරගත හැක.ඒ තුළින් ඇදහිය නොහැකි දේ දැකීමට,ඇසීමට, දැනගනීමට හැකිවනු ඇත.නමුත් එම සීමාවන් කරා යන පිරිස ඉතා අඩුය. නමුත් අනාගතයේ දී එම ශවේෂක පිරිස වර්ධනය වනු ඇත.ඒ තුළ ඔවුන් ලෝකය පිළිබඳව වෙනස්ම කෝණයකින් දකිනු ඇත.නමුත් කෘතීම බුද්ධිය පැවතුන ද රොබෝවරු හට එවැනි මානසික තල වල ඇති දෑ ග්‍රහණය කරගැනීමට කිසිකලෙක නොහැකිවනු ඇත.
" ඕනෑම ක්‍රියාවක් එක් පරිච්චේදයකින් අවසන් නොවේ.සෑම ක්‍රියාවක්ම නැවත නැවත සිදු වෙමින් චක්‍රීය ප්‍රවාහයක් ඔස්සේ ඉදිරියට ගලා යයි. "
Author by Hasitha_Chathuranga
Tags:
Tech

0 Comments
ඔබේ අඳහස් සහ යෝජනා පහතින් දක්වන්න