Starlink



ස්ටර්ලින්ක් පිළිබඳ සාකච්ඦා කිරීමට ප්‍රථම අප අන්තර්ජාලය යනු කුමක්ද යන පැනයට පිළිතුර සොයා බලමු.


සරලව අන්තර්ජාලය යනු ලෝක ව්‍යාප්ත පරිගණක ජාල පද්ධතියකි.එහි ඇතීතය දෙස හැරීබලන විට 1969 දී ඇමෙරිකා එක්සත් ජනපද රජයේ උසස් පර්යේෂණ ව්‍යාපෘති නියෝජිතායතනය විසින් නිරීමාණය කරන ලදී.[ARPANET]

තවද මුලින් යුගයේ මෙම ජාලය භාවිත වූයේ විශ්ව විද්‍යාල අතර තොරතුරු හුවමාරු කරගැනීම සදහාය. එසේ ඇරඹුණු මෙම ජාලය පසුව ලොවපුරා ව්‍යාප්ත වීම සිදුවිය. මෙහිදී මුල් කාලයේදී ආසන්න රටවල් අතර මෙම ජාලය ව්‍යාප්ත වූ අතර පසුව මහද්වීප හරහා දිවෙන දැවැන්ත ජාලයක් බවට පත්විය. ඒ සදහා Fiberoptic ජාල තාක්ෂණය යොදා ගැනේ. ඒ තුලින් මුහුද හරහා දිවෙන මෙම ජාලය ලොව පුරා රටවල් අතර තොරතුරු හුවමාරු කරගැනීමට බෙහෙවින් උපකාරවී ඇත.මෙය Global internet blackbone ලෙස හදුන්වනු ලැබේ.

නමුත් ලෝකය දෙස හැරීබැලීමේදී තවමත් නිසි ලෙස දියුණු නොවූ අන්තර්ජාල යටිතල පහසුකම් සහිත රටවල් රාශියක් අපට දැකගැනීමට හැකි වේ. ඉන් ඉදිරියෙන් සිටින රටවල් ලෙස ඉන්දියාව, චීනය , පකිස්ථානය, බංගලාදේය ආදී රටවල් හැදින්විය හැක. මීට හේතු කීපයක් බලපා ඇත. ප්‍රධානම හේතුව ලෙස බලපා ඇත්තේ ඉහත කී රටවල භූමි ප්‍රමාණය විශාල වීමයි. එහිදී විශාල භූමි ප්‍රමාණයක් සීමිත පිරිසක් විසිර ජීවත් වන නිසා සන්නිවේදන ආයතන වලට එම භූමි ප්‍රමාණයන් ආවරණය වන ලෙස ජාලයන් ලබාදීමට විශාල මුදලක් වැය වේ. එම නිසා එම ආයතන එවැනි ප්‍රදේශ වලට ජාලයන් ලබාදීමෙන් වැලකී සිටී. එම නිසා බොහෝ ජන පිරිසකට අන්තර්ජාලය හා සම්බන්ධ වීමට නොහැකිවී ඇත. මීට බලපා ඇති අනිකුත් හේතු ලෙස තාක්ෂණික සාක්ෂරතාවයේ ඌනතාව, යුධමය තත්ත්වයන්, දරිද්‍රතාවය ආදී හේතූද බලපා ඇත.

ස්ටර්ලින්ක් ව්‍යාපෘතිය ඉලෝන් මස්ක් විසින් යෝජනා කරනු ලබන්නේ මෙම ගැටළු නිරාකරණය කරගැනීම සදහාය.මෑතකාලයේ දී මෙම පහසුකම පිළිබද නැවතත් සංවාදයක් නිර්මාණය වූයේ ඉලෝන් මස්ක් විසින් යුක්‍රේන ජනතාව වෙත මෙම පහසුකම පිරිනැමීම තුලයි.රුසියාව විසින් ආරම්භ කරනු ලැබූ යුක්‍රේන යුද්ධය තුල පුටින්ගේ ආක්‍රමණශීලී සැලසුම් වලින් එකක් වූයේ යුක්‍රේනය තුල සන්නිවේදන පහසුකම් බිදහෙලීමයි.එය සාර්ථක ලෙස කිරීමට රුසියාවට හැකිවිය.ඒ තුලින් යුද්ධ කටයුතු වලට විශාල ලෙස බලපෑම් ඇති කළේය.එහිදී ඊට ඉදිරිපත් වූ SpaceX ආයතනය යුක්‍රේන ඉහල අහසේ තම ඡන්ද්‍රිකා කක්ෂගත කරමින් මුළු යුක්‍රේනයටම අන්තර්ජාල පහසුකම් ලබාදෙන ලදී.එම නිසා රුසියාවට යුක්‍රේනය ආක්‍රමණය පියවර කීපයක් ආපස්සට හැරවීමට සිදුවිය.

 ස්ටර්ලින්ක් යනු SpaceX ආයතනය විසින් ලබාදෙන ඡන්ද්‍රිකා අන්තර්ජාල පහසුකමකි. ඒ තුලින් පෘතුවිය ආසන්ව කක්ෂගතකර ඇති ඡන්ද්‍රිකා තුලින් අන්තර්ජාල පහසුකම් ලබාදේ. මෙම ආයතනය 2002 වසරේදී ඉලෝන් මස්ක් විසින් ආරම්භ කරන දී. මේ වන විට 2019 සහ 2022 වසර වලදී ඡන්ද්‍රිකා 3000ක් පමණ [Low Earth orbit] කක්ෂගතකර ඇත.

ඉහත වරහන් තුල දක්වා ඇති Low Earth orbit යන්නෙහි තේරුම විමසාබලමු. මෙහිදී අවකාශය කොටස් තුනකට ප්‍රධාන වශයෙන් බෙදනු ලැබේ.

1.Low earth orbit (500km to 1,500 km පෘතිවියේ සිට)
2. Medium earth orbit (5000km to 12,000)
3. Geostationary earth orbit ( 35,800km height)


ස්ටර්ලින්ක් ඡන්ද්‍රිකා පහලම ඇති orbit කලාපයේ පිහිටවනු ලැබේ.මෙම අන්තර්ජාල පහසුකම භාවිතා කිරීම පහත ඇති උපකරණ කට්ටලය භාවිතා කලයුතු වේ.
        *Starlink satellite dish
        *Wi-Fi router/power supply
        *Cables and Base


මෙහිදී පැහැදිලි අහසක් ඇති අවස්ථාවකදී ඉතාමත් පහසුවෙන් මෙම අන්තර්ජාල පහසුකම ලබාගැනීමට පාරිබෝගිකයන්ට හැකිවේ.තවද මේ සදහා SpaceX ආයතන විසින් හදුන්වා දී ඇති දුරකථන මෘදුකාංගය හරහා පහසුවෙන් මෙම සේවාවේ කටයුතු කළමනාකරණය කරගත හැක.මීලගට අප අවදානය යොමුකරමු මේ සදහා වැයවන පිරිවැය සම්බන්දව.මෙහිදී one-time hardware cost එකක් ලෙස ඇමරිකානු ඩොලර් 599ක මුදලක් වැයවන අතර ඉන් අනතුරුව සේවාව පවත්වාගෙන යාමට මාසිකව ඇමරිකානු ඩොලර් 110ක මුදලක් අයකරනු ලැබේ.තවත් පැකේජ ගණනාවක් මෙහි පවතින අතර ඉහත සදහන් කර ඇත්තේ සාමාන්‍ය පරිභෝජනය සදහා මෙම පහසුකම ලබාගන්නේ නම් වැයවන මුදල වේ.සමස්ථක් ලෙස ගත් කල මෙම ඡන්ද්‍රිකා අන්තර්ජාල සේවාව අනාගතයේදී ලෝකයේ විශාල පෙරළියක් ඇතිකරනු නොවනුමානය.


Author by Hasitha_Chathuranga







 

Tags:

Share:

0 Comments

ඔබේ අඳහස් සහ යෝජනා පහතින් දක්වන්න