ඔරිගාමි නිර්මාණ කුඩා අවදියේ පාසලේ බාහිර ක්‍රියාකාරකම් ලෙස අප සියළු දෙනාවගේම සිදුකර ඇත.පසුව වයසින් මුහුපුරා යාමත් සමඟ එම නිර්මාණවල මතකයද කෙමෙන් නැති වී ගියේය.නමුත් YouTube මාධ්‍ය තුල නැරඹූ ඉතා අපූරු වැඩසටහනක් සමඟ එම පාසල් අවදියේ මතකය නැවත ආවර්ජනය විය.එම වීඩියෝවේ සඳහන් වූයේ ඔරිගාමි කළාව විද්‍යාව හා තාක්ෂණික ශ්‍රේෂ්ත්‍රයට කොපමණ සහයක් ලබාදෙනු ලබන්නේ ද යන්නයි.එම තොරතුරු මා පසුව සදහන් කරන්න බලාපොරොත්තු වෙමි. ඊට ප්‍රථමව අප කඩදාසි සහ ඔරිගාමී කළාව ආරම්භ වීම දක්වා ඉතිහාස කතාව දෙස ටිකක් හැරී බලමු.
චීනය මීට වසර 2000ට පමණ ඉහත දී කඩදාසි සොයා ගන්නා ලදී. එසේ ඇරඹුණු කඩදාසි නිශ්පාදන කල්‍යත්ම දියුණු කර්මාන්තයක් විය.ඒ ඔස්සේ මිනිස් ශිෂ්ඨාචාරය වෙනස්ම හැරවුම් ලක්ෂය ඇති කිරීමට හැකියාව ලැබුනි.ලේඛන ශේෂ්ත්‍රය, තොරතුරු ප්‍රචාරය ආදී බොහෝ ශේෂ්ත්‍ර වල පිබිදීමක් මේ සමඟ ඇති විය.චීනය තුල කඩදාසි භාවිතය ඒ සමගම ප්‍රචලිත විය. ඉන් අනතුරුව මුලින්ම එම කඩදාසි නිශ්පාන චීනය විසින් ජපානය වෙත අලෙවි කරන ලදී. ඒ ආකාරයට ජපානය තුල ද කඩදාසි බාවිතය ප්‍රචලිත උනි.නමුත් මුල් කාලයේ මෙම කඩදාසි මිලෙන් අධික විය.එම නිසා පොහොසත් පවුල් වල පිරිස් පමණක් කඩදාසි භාවිතා කලේය. ඔරිගාමි නිර්මාණ කළාව ආරම්භ වූවායැයි සදහන් වෙනුයේ ජපන් පන්සලක වැඩවාසය කරනු ලැබූ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක විසින් ය. උන්වහන්සේ විසින් පන්සලේ පැවැත් වෙන විවිධ උත්සව වලදී පන්සල අලංකාර කිරීමට මෙම කළා නිර්මාණ භාවිතා කර ඇත.පසුව එය ප්‍රභූ පවුල් වල් අතර ජනප්‍රිය වූ අතර කලයාගේ ඇවෑමෙන් සාමාන්‍ය ජනතාව අතර ද ඔරිගාමි කළාව ප්‍රචලිත විය.පසුකාලයේ දී දාහත්වන සියවසේ දී ඔරිගාමි රටා අඩංගු කරමින් පොතක් රචනා විය.ඉන් අනතුරුව Akira yoshizawa මහතා විසින් ඔරිගාමි රටා දහසකට අධික ප්‍රමාණයක් හදුන්වා දෙන ලදී. ඒ තුලින් වර්ථමානය තුල මෙම කළාව ප්‍රචලිත වීමට මහගු පිටුවහලක් විය.
අප දැන් විද්‍යාව හා තාක්ෂණ ශේෂ්ත්‍රය උදෙසා මෙම කළාව උපයෝගී වන අයුරු සලකා බලමු. ලෝකයෙහි පවත්නා සම්පත් සීමිත වීම නිසා ඒවා උපරිම අයුරින් භාවිතා කිරීම පිළිබඳව මිනිසා විශාල වශයෙන් බලාපොරොත්තු වේ. එම නිසා එවැනි උපයෝජනයක් කිරීම සඳහා නව ක්‍රම විධි අත්හදා බලනු ලැබුනි. එහිදී එක්තරා විද්‍යඥයින් පිරිසක් මෙම ඔරිගාමි කළාවේ එන විවිධ රටා උපයෝගී කරගනිමින් නව නිර්මාණ රැසක් සිදුකර ඇත.ඒ ඔස්සේ ඔවුන්ට පැවති ගැටළු රාශියකට පිළිතුරු සැපයීමට හැකි විය.තවද වෙඩිනොවදින ආවරණ,අභ්‍යවකාෂ ශේෂ්ත්‍රයට, වෛද්‍ය උපකරණ, ගෘහ අලංකරනය ආදී ශ්‍රේෂ්ත්‍ර ගණනාවකට මෙම කළාවේ ආභාෂය ලබා ගෙන ඇත.
තවද අද කාලයේ කතාමවන මාතෘකාවක් වන සූර්ය පැනල තාක්ෂණයටද මෙම ඔරිගාමි රටා උපයෝගීකරගෙන ඇත.ඒ තුල අපට පහසුවෙන් එහා මෙහා ගෙන ගොස් භාවිතා කළ හැකි සූර්යපැනල නිර්මාණය කිරීමට විද්‍යාඥයන්‍ට හැකිව ඇත.එය ඉතා වටිනා නිර්මාණයක් ලෙස හැදින්විය හැක.එම රටාම උපයෝගී කරගනිමින් 1995 පසු අභ්‍යවකාෂ යානවල සූර්යපැනල නිරිමාණය කිරීමට මෙම ක්‍රමය උපයෝගී කරගෙන ඇත.ඒ තුල උපරිම අවකාශ ඉතිරියකින් විශාල කාර්යයක් සිදුකිරීමට හැකියාව ලැබී ඇත.
විද්‍යා ශ්‍රේෂ්ත්‍රය දෙස හැරී බැලීමේ දී ඉතා සියුම් වෛද්‍ය උපකරණ නිර්මාණය කිරීමට ඔරිගාමි කළාව උපයෝගී කරගෙන ඇත. උදාහරණයක් ලෙස ඉතා සියුම් ශල්‍ය රොබෝවරු නිර්මාණයේදී මෙම කළාවේ එන සංකල්ප රටා උපයෝගී කරගෙන ඇත.
මෙසේ ලෝකයේ අඛණ්ඩ පැවැත්මට උපකාර කරමින් තවත් ප්‍රශ්න රාශියකට ඔරිගාමි කළාව පිළිතුරු සොයාදෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි. ඒ තුල මිනිස් ක්‍රියාකාරකම් තවත් සරල වනු ඇත.
Author by Hasitha_Chathuranga
0 Comments
ඔබේ අඳහස් සහ යෝජනා පහතින් දක්වන්න