එවරස්ට් බේස් කෑම්ප් | Everest Base Camp
ලොව උසම ස්ථානය ලෙස සැලකෙන්නේ එවරස්ට් කඳු මුදුනයි. එම කඳු මුදුන තරනය කිරීම ලොවපුරා සංචාරකයන්ගේ සිහින සංචාරක ගමනාන්තයක් වේ.මුලම වරට එවරස් තරනය කරනු ලැබුවේ එඩ්මන් හිලරි විසිනි.ඉන් පසු ලොවපුරා සංචාරකයන් එවරස්ට් තරනය කිරීමට පටන් ගනු ලැබුවේය . මුහුදු මට්ටමේ සිට 8848m උසින් පිහිටි මෙම කඳු පංතිය තරනය කිරීම එතරම් පහසු කටයුත්තක් නොවේ. ඒ සදහා නිසි පුහුණුවක් ලබා තිබීම අනිවාර්ය වේ.ඊට හේතුවනම් එම දේශගුන තත්ත්වයන්ට ඔරොත්තු දෙමින් දින ගණනක දුශ්කර ගමනක් යාමට සිදුවීමයි.මෙම ගමන සදහා විශාල මුදලක් ද වැයවනු ලැබේ. එම නිසාම බොහෝ සංචාරකයෝ එවරස්ට් බේස් කෑම්ප් දක්වා ඇති මාර්ගයේ සංචාරය කිරීම මුලින්ම තෝරාගනී.එය මුහුදු මට්ටමමේ සිට 5364m උසින් පිහිටා ඇත. එයද දින ගණනක දුශ්කර ගමනක් වුවද අවට පරිසයයේ චමත්කාරජනක දර්ශනයන්ගෙන් ඇස පිනවමින් එවරස්ට් බේස් කෑප් වෙත ලගාවිය හැක.කිලෝමීටර 130ටත් අදික දුර ප්‍රමාණයක් ඇති මාර්ගයක් ඔස්සේ මෙම කඳුතරනය කිරීමට සංචාරකයන්ට සිදු වේ.මේ සදහා ද ශරීරයට නිසි ව්‍යායාම කරමින් ශරීරය හැඩගස්වා ගැනීම අත්‍යවශය වේ.ඒ තුලින් මෙම ගමන සාර්ථකව නිම කිරීමට හැකියාව ලැබේ.තවද එවරස් තරනය කිරීමට ප්‍රථම සංචාරකයින් නවාතැන් ගන්නේ එතැනයි. මෙම කෑම්ප් එකේ සිට සංචාරකයින් එවරස් තරනය ආරම්භ කරනු ලැබේ.
මෙම ගමන් මාර්ගය ආරම්භ වන්නෙ නේපාලය දේශයේය.සංචාරකයෙකුට නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපොලෙන් ලුක්ලා අභ්‍යන්තර ගුවන්තොටුපලට (2800m මුහුදු මට්ටමේ සිට) ගුවන් ගමනකින් අනතුරුව මෙම සංචාරය ආරම්භ කල යුතුය. මෙම ගුවන් ගමනද සංචාරකයන් හට ඉතා ට්‍රාසජනක අද්දැකීමක් වනු ඇත.මක්නිසාද මෙම ගුවන් මාර්ගය වැටී ඇත්තේ කඳු පංති අතරින් විහිදුනු ගුවන් මාර්ගයකය. ඉන් අනතුරුව එවරස්ට් බේස් කෑම්ප් බලායන සංචාරය ආරම්භ කල යුතුය.පළමු දිනයේදී සංචාරකයාට ඇත්තේ කුඩා ගමන් මාර්ගයකි.ඉන් පසු දින සිට එවරස් තරනයේ පවතින තාක්ෂණික ශිල්පක්‍රම අනුගමනය කරමින් ගමන ආරම්භ කල යුතුය. "Hike high- sleep low" ක්‍රමයට අනුව මෙම කඳුතරනය සිදු කරනු ලබයි.එනම් දහවල් කාලයේදී උස් කඳු තරනය කරමින් ද රාත්‍රී නින්ද උදෙසා නැවතත් පහත් ස්ථානයකට යාම සිදු කරනු ලැබේ.එසේ සිදු කරනු ලබන්නේ අපට මුහුදු මට්ටමෙන් ඉතා උස් ස්ථාන වලදී පවතින ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම නිසා එම තත්ත්වයන් තුල ශරීරයට අපහසුතා ඇති වන නිසා ය. මෙම ශිල්පක්‍රමය අපගේ එදිනෙදා ජීවිතයේද අනුගත කරගත හැකියයි මා හට සිතේ. ඉතා අපහසු අභියෝගයක් ජය ගැනීමෙන් පසු කෙටි විරාමයක් ගැනීම තුල ජීවිතය සාර්ථයව ඉදිරියට ගලායාමට සැලැස්විය හැක.
මෙම සංචාරය අතරමග සංචාරකයින්හට නැවතීම සදහා විවිධ පහසුකම් වලින් සමන්විත වූ නවතන් පහසුකම් ඇත.තම ආදායම් මට්ටමට සරිලන නවාතැන් පහසුකම් ලබා ගැනීමේ හැකියාව සංචාරකයින්ට ඇත. එහිදී බොහෝ සංචාරකයන් අවදානය යොමු කරන්නේ විදුලි ගිණි උදුන් සහිත නවාතැන් වලටය. ඊට හේතුව නම් ඉහලට ගමන් කිරීමත් සමග උශ්ණත්වය සෘණ මට්ටමක් ගැනීමයි.නමුත් එවැනි නවාතැන් පහසුකම් මිලෙන් ඉතා අධික වේ.තවද සාමාන්‍ය නවාතැන් පහසුකම් වල ඇත්තේ සැමට පොදු වූ ගිණි උදුනකි. එහිදී සංචාරකයෝ අතරමඟ සිදු වූ රසබර දේ කතාවෙමින් කාලය ගත කරති. එම නවාතැන් පසුකම් තෝරා ගැනීම එම නිසා විනෝදජනක යැයි මා සිතමි.
තවද කන්ඳේ ඉහලට ගමන් කිරීමත් සමඟම පරිසරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීමත් සමග හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇති වේ.එම අවස්ථාවන්ට ගැලපෙන ශිල්පක්‍රම යොදා ගැනීම තුල එම තත්ත්වයට මුහුණදිය හැක.කන්ඳ පාමුලදී ඔක්සිජන් සිලින්ඩර ලබා ගැනීමේ හැකියාවද ඇත. මීට අමතරව ශීත කාලගුණික/දේශගුණික තත්ත්වයන්ට අවශ්‍ය විවිධ ඇදුම් පැලදුම් හා උපකරණ මිලදී ගැනීමට මෙහිදී හැකියාව ලැබේ. ඔක්සිජන් මාපකයක් රැගෙනයාම මෙහිදී ඉතාමත් වැදගත් වේ.ඊට හේතුවනම් කාලපරතයකට වරක් ශරීරයේ ඔක්සිජන් ප්‍රමාණය මැන බැලීම ඉතා වැදගත් වේ.සාමාන්‍යෙන් ඔක්සිජන් මට්ටම 80%ක් වැනි අගයක් යෝග්‍ය තත්ත්වයක් ලෙස සැලකේ.
තවද මෙම එවරස් බේස් කෑම්ප් හිදී එවරස් කඳු මුදුන දැක බලාගැනීමට නොහැක.ඒ සදහා තවත් පියවර කීපයක් ඉදිරියට ගමන් කිරීමට සිදු වේ.ඉන් අනතුරුව සංචාරකයන්හට සිහින ගමනාන්තය වන එවරස් කන්ඳ ඇතුලු එම කඳු පංතියම දැක ගැනීමේ හැකියාව උදා වේ.
"මිනිසා සැමදා සංචාරයේ නිරත වේ, හැබැයි කොපමන දුර සංචාරය කල ද නැවත පටන් ගත් තැනට පැමිනේ !"
Author by Hasitha_Chathuranga
Tags:
Travel

0 Comments
ඔබේ අඳහස් සහ යෝජනා පහතින් දක්වන්න