වෙනස් වෙන්න බැරිනම් වඳවෙනවා !
අප දැන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය දෙස හැරී බලමු.අප රට තුල තවම වෙනස් වීම් වලට අනුගත වීමේ නොහැකියාවක් ඇත.ලෝකයේ කොතරම් තාක්ෂණය සහ සාරධර්ම දියුණු වුවද අප රට තුල එ්වාට අනුගත වීමට සමාජයේ බොහෝ දෙන වැඩි කැමැත්තක් නැත.ඔවුන්ගෙන් බොහෝ දෙනා පවසන කරුණක් නම් වසර දෙදහස් පන්සීයක සංස්කෘතික හරපද්ධතියක් ඇති අප හට සුද්දන්ගේ සාරධර්ම වැඩකට ඇති දෙයක් නැතය කියාය.නමුත් ලොව වැඩිම සියදිවි නසා ගැනීම් ඇති රට අප රටය, ස්ත්‍රීදූශන අතවර කිරීම් බහුලව ඇති රට අප රටය,වංචා දූශන අතින් ඉහළින්ම සිටිනුයේ අපය මෙසේ ගතහොත් ගණන් කිරීමට අපහසු ප්‍රමාණයකින් ලැයිස්තුවක් සෑදීමට හැකිවනු ඇත.නමුත් ලිපිය දිගු වන නිසා මා එ් සියල්ල මෙයට ඇතුලත් නොකරමි.
අතීතයේ දී අප රට තුල ”නිල් මැණිකක් අතින් ගත් ස්ත්‍රියකට දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා නිරුපද්‍රිතව ගමන් කළ හැකිය” යනුයෙන් විදේශීය දේශාඨන වාර්ථාවල පවා සදහන් වී ඇත.එසේ නම් අද සිදුවී ඇත්තේ කුමක් ද? අද එම සංස්කෘතික හර පද්ධතියේ අංග පොතපත, මුඛ පරම්පාර ගතව පැමිණ ඇති වුවද පිළිපදින කිසිවෙකු සොයාගැනීමට නැත. සෑම දෙනාම අපිට මෙහෙම හර පද්ධතියක් ඇතැයි බොහොම උජාරුවෙන් කට දෙඩවීම සිදුකරන බව පෙනේ.තවත් ශ්‍රී ලාංකික ජන සමාජය වැඩවසම් සමාජය පද්ධතියක සිටින බව මාගේ අදහස වේ.මක්නිසාදයත් තවම සමාජ පංති, කුල අනුව සියල්ල බෙදීයන බවක් පෙනෙන්නට ඇත.රොබට් නොක්ස් මහතා අද වැනි කාලයක ලංකා දීපයේ අතරමං වූයේනම් මෙදා හෙළදිව ගැන කෙසේනම් පවසයි ද ?
”මේ දීපයෙ වැසියන් ඔවුට වඩා උසස් යැයි සලකන රාජ්‍ය මහාමාත්‍යාදීන්ට හා රාජ්‍යයේ උසස් තනතුරු දරනුයන් හට සර්....මිස්.... යැයි ආමත්රණය කිරීම සිරිතකි.”
අප එම තවත්වයෙන් මිදීමට නම් ලංකාවේ සාමාන්‍ය සමාජයේ ජනවිඤ්ඤානය වඩා උසස් මට්ටමක් කරා වර්ධනය කරගත යුතුය.එසේ නොවී දැනට අප අල්ලා ගෙන සිටින සංස්කෘතිය මත තවදුරටත් යැපීම සිදු වුවහොත් රට තව තවත් අගාදයට යනු නොවනුමානය. තවද මේ සඳහා අප සමාජය තුල අතීතයේ පැවතියා වූ සාරධර්ම හරපද්ධතීන්ගේ සාධනීය කොටස් මීට මුසුකර ගැනීම වරදක් නොවේ.එම නිසා එදිනෙදා ජීවිතය ගත කිරීමේ දී කෙමෙන් කෙමෙන් වැඩවසම් මානසිකත්වයෙන් මිදී වඩා උසස් මානසික මට්ටමක් ඇති කරගැනීම උදෙසා තනි තනි වශයෙන් කටයුතු කල යුතුව ඇත. එ් ඔස්සේ තනි තනි පුද්ගල සංවර්ධනයේ අවසාන ප්‍රතිඵලය වනුයේ සමස්ත සමාජයම එ් තුල දියුණු දැණුම් පද්ධතියක් බවට නිරායාසයෙන් පත්වනු ඇති බවය. අවසාන වශයෙන් රූමි නම් ඒ මහා කවියාගේ කවි සංකල්පනාවකින් මේ ලිපිය අවසාන කිරීමට මා කැමත්තෙමි.එම කවිය හොදින් කියවා බලන්න එවිට එහි සැගවී ඇති අරුත ඔබට මනාවට වැටහෙනු ඇත.
ගසක් සේ වන්න... වියලි කොළ හලන්න...

0 Comments
ඔබේ අඳහස් සහ යෝජනා පහතින් දක්වන්න