සාංසාරික ආදරය

අද ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයය.අද වැනි පුන් පොහෝ දිනයක දී සිද්ධාර්ථ කුමරු ගිහිගෙයහි කලකිරී මහා අභිණිශ්ක්‍රමණය කළ සේක.පස්කම් සැපතෙහි පවතින අනිත්‍යතාවය දැක එයින් මිදෙන්නට මගක් සොයා ගිය ගමන හේතු කොට ගෙන මෙපමණය කියා සීමා කළ නොහැකි පිරිසක් මේ සංසාර චක්‍රයෙන් එතරකරලීමට උන්වහන්සේට හැකිවූ සේක.එහිදී සංසාරය චක්‍රය පුරාවට සෙවනැල්ලක් බඳුව බෝසතානන් වහන්සෙගේ පදපරිචාරිකාව වෙමින් යසෝදරව කළ ඒ මහා පරිත්‍යාගය වචන වලට පෙරලීම කළ නොහැක්කකි.එනිසයි තථාගතයන් වහන්සේ යසෝධරා මහ රහතන් වගන්සේගේ ආදාහන පූජෝස්සවය අවසානයේ මහා ආදාහන පූජාව සිදුකරනු ලැබූයේ.ලේන කුලේ සිට පැමිනියාවූ මෙම සාංසාරික බැදීම අවසානයේ දී ඉතා අර්ථවත් නිමාවක් සනිටුහන් කිරීමට හැකි වූවේය.

අද මගේ මාතෘකාව වනුයේ සාංසාරික ආදරයි.පළමුවෙන්ම කිවයුතු දෙය තමා ආදර හෝ වෙනයම් වචනයක් භාවිතය තුලින් කරන්නා වූ ක්‍රියා සාංසාරය තවත් දික්කර ගැනීමක් පමණි.එම නිසා මෙහිදී මම කියන්නෑ ආදරය කළ යුතුය නොයුතුය කියා.නමුත් ආදරය කියන හැගීම අවශ්‍ය නොවූවත් දෛවය විසින් ආදරය පරික්ෂා කරන අවස්ථා ගැන කතා කිරීමට බලාපොරොත්තු වෙමි.මම ආදරය ප්‍රධාන කොටස් දෙකකට බෙදීමට කැමැත්තෙමි.එනම්, සෙල්ලක්කාර ආදරය සහ සාංසාරික ආදරය. මෙහිදී සමාජයේ වැඩි වශයෙන් දකින්නට ලැබෙන්නෙ සෙල්ලක්කාර ආදරයය.මෙම ආදරයේ වර්ග රාශියක් පවතී.ඒ සියල්ල දක්වන්නට ගියහොත් සයිබර් අවකාශයේ ඉඩ මදිවනු ඇත.නමුත් කිහිපයක් සදහන් කිරීමට කැමැත්තෙමි.සමහරුන් ලිංගික පෘප්තිය උදෙසා ආදරය කරයි(ලිංගිකත්වය ආදරයේ ප්‍රධාන කොටස බව සැබෑව,නමුත් මේ කියන්නේ වෙන එකක්), මුදල් උදෙසා ඇති වන ආදරය, ප්‍රසිද්දිය උදෙසා ඇතිවන ආදරය, තණ්හාව නිසා ඇති වන ආදරය ආදී වූ වර්ග රැසක් මෙහි ඇත.එම ආදර කතා වලට එලෙසම පවතින්නට ඉඩ හැර සාංසාරික ආදරය ගැන සංවාදය ඉදිරියට ගොඩනගන්නෙමි.

සාංසාර චක්‍රයේ යම් නිශ්චිත කාල පරිච්චේදයක දී (නිශ්චිතයි කියා කාල පරිච්චේදයක් නැත්තේය.භාශාව ලස්සන වීම උදෙසා පමණක් එය භාවිත කරේය.) හමුවූ යම් කෙනෙක්, "සංසාරය පුරාම මා හා ගමන් කරත්වා !" යන ප්‍රර්ථනයෙන් පෝශණය වූ සිතුවිල්ලක් නිසාවෙන් මෙම සාංසාරික ආදරය ආරම්භ වනු ලැබේ.එසේ ඇරඹී කුසල අකුසල සංස්කාරයන්ගේ ගැලපීමෙන් සංසාරයේ විවිධ අවස්ථාවලදී මෙම ප්‍රාර්ථනය ඉෂ්ඨවනු ලැබේ.(එනම් ජෝඩුව සෙට් වෙනවා).නමුත් සෑම අවස්ථාවකදීම ඔහු හෝ ඇයව අයිතිකරගැනීමට නොහැකි වනු ලැබේ.එයට විවිධ හේතූන් බලපෑ හැක.නමුත් මා මෙහිදි කර්මය එයට හේතු විය හැකි ආකාරය දක්වන්නට කැමැත්තෙමි. පෙර බවයක සිදුවූ යම් අයහපත් සිදුවීමක් නිසා "සංසාරයේ මෙවැනි කෙනෙක් නැවත හමු නොවේවායි !" කරන්නා වූ ප්‍රාර්ථනයෙන් පෙර කී හමුවේවායි කියන ප්‍රාර්ථනයේ යම් පළුදු වීමක් සිදු වේ (කුස ජාතකයේදී කුස හා පබාවතිය අතර ඇතිවන විරසකය).නමුත් සංසාර චක්‍රය තුල පවතින වියවුල් බව නිසා ඔහු හා ඇය නැවත නැවතත් මුණගැහෙනු ලැබේ. එය දෛවයද නැතිනම් වෙනයම් දෙයක්ද කියා ප්‍රශ්නයකි.නමුත් එම හමුවීම් වලදී එකිනෙකා ගණදෙණු කරන ආකාරය අවස්ථානුකූලව විවිධ වේ.විටක ප්‍රේමාණ්වතව ද තවත් විටක කුරිරු ලෙස ද ප්‍රතිචාර දක්වන්නේය.කුරිරු බව ඔවුනවුන් කළා වූ පාපයන් ගෙවීයන තුරු එලෙසම පවතිනු ඇත.

සාංසාරික ආදරය තුල අනෙකාව තමා සතුකර ගැනීමේ පෙරේත කම බොහෝවිට නැත.වැදගත් වනුයේ අනෙකාගේ සතුට වනු ඇත.තවද, සමහර විට සසර පුරාව සස්වාමික භාර්යාවක් වනුලැබේ.එසේ නැතිනම් සාමාන්‍ය ලෙස ආදර සබඳතා ඇති වනු ඇත.එය මෙසේය කියා කීම ඉතා අසීරුය.මක්නිසාදයත්, සංසාරය පුරෝකථනය කළ නොහැකි නිසාය.නමුත් සංසාරය පුරාවටම ඔවුන්ව මුනගැස්වීම සිදු වනු ලැබේ.ඒවා හැම විටම අහඹු හමුවීම් වනු ඇත.එහිදී ඔවුන් තුල ඇති වන නව එකඟතාවයන් මත සංසාර චක්‍රය තුල තවත් ඉදිරියට ගමන් කරන්නෙ ද නැතිනම් ඉක්මණින් එය අවසන් කරන්නේද කියා තීරණය වනු ඇත.

අවසාන වශයෙන් අප මේ ගමන් කරන්නා වූ සසර ගමන ඉතා භයානක එකකි.එහි මෙන්න මේක සෝක් කියා කීමට කුඩා හෝ දෙයක් නැත.තමාට පිහිට වන්නේ තමා පමණි.තථාගතයන් වහන්සේට ද කළ හැක්කේ  මාර්ගය පෙන්වා දීම පමණි.තම තමන්ගේ නැණ පමණින් එය අවබෝධ කරගනිමින් උතුම් වූ නිර්වාණ සුවයට (මළ ගෙදර බැනර් එකේ තියන එක නෙවේ ඈ) පැමිණීම අප තනිව කළ යුතු වේ.සැමට ප්‍රාර්ථනීය බෝධියකින් ඉක්මන් භවයක දී නිවන් මග සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරන්නෙමි !






Author by Hasitha_Chathuranga

Share:

0 Comments

ඔබේ අඳහස් සහ යෝජනා පහතින් දක්වන්න