AI හිතන තරම් නරක ද ?
AI තාක්ෂණය මේ වන විට පුවත් මවමින් කරලියට එන මාතෘකාවක් වී අවසන්. එහිදී, දිනෙන් දින වඩා නවීකරණය වූ AI වැඩසටහන් පොදු මහජනතාව අතරට පත්වනු දක්නට ලැබේ. එවැනි බොහෝ වැඩසටහන් නොමිලයේම භාවිතා කළහැකි වීම නිසාවෙන් වැඩි පරිශීලක පිරිසක් ඒ වෙත නැඹුරුවනු දක්නට ලැබේ. නමුත් ඕනෑම මොහොතක සිදුවන සිදුවීමක ද්විත්ව ස්වභාවයක් පවතින නිසා මෙම තාක්ෂණයේද හිතකර ප‍්‍රතිඵල මෙන්ම අහිතකර ප‍්‍රතිඵලද දක්නට ලැබේ. බොහෝ විද්වතුන්ගේ මතය වනුයේ මෙතරම් ඉක්මනින් මෙම තාක්ෂණය පොදු මහජනතාවට ලබාදීම නොකළ යුතු දෙයක් වශයෙනි. මේ සම්බන්ධයෙන් ලොව ධනවත්ම පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සමුළුවක්ද ඇමරිකාවේ වොෂින්ටන් හි පැවත් වුනි. එහිදී පොදු එකඟතාවය ඇති වූයේ AI තාක්ෂණයන් වාරණය කිරීම උදෙසා නව නීති රීති පද්ධතියක් ස්ථාපිත කළ යුතු බවයි.
" ශිෂ්ඨාචාරික මිනිසා සැමවිටම උත්සාහ දැරුවේ, වර්ථමාන මිනිසා අනාගත මිනිසා බවට පත්කිරීමටයි ! "
අපගේ මතකය මදකට අතීත මිනිසා වෙත යොමු කරමු. මුල් ශිෂ්ඨාචාරික මිනිසා එඬේර දිවිපෙවෙතක් ගතකල බව අප කවුරුත් දන්නා දෙයකි.එසේ නිශ්චිත භූමි භාගයක් හිමි නොවූ ඔව්හු මහත්ද්වීප ඔස්සේ රිසිසේ ගමන් කළහ. නමුත්, කල්ගතවත්ම එෙඬ්ර දිවිපෙවෙත අත්හල ඔවුහු කෘෂි කර්මාන්තය මූලික කරගත් සමාජ පද්ධතියක් නිර්මාණය කළහ. එ් තුළ ඔවුන්ට යම් අතිරිත්ත කාලයක් ඉතුරු විය. මක්නිසාදයත්, වෙනදා මෙන් ආහාර සොයාගෙන සංචාරය නොකළ යුතු නිසාය. සමහරුන් එම කාලය විනෝද වීමට ද තවත් සමහරුන් එම කාලය දඩයමට ද යොමු කළේය. නමුත් එම ජන කණ්ඩායම් තුල යම් විශේෂිත ආකල්ප ඇති මිනිසුන් පිරිසක්ද සිටියේය. ඔවුන් එම අතිරිත්ත කාලය යෙදවූයේ නව දර්ශනයන් ඇති කිරීම, නව උපකරණන නිපදවීම, නව චින්තනරටා ඉදිරිපත් කිරීම ආදී වූ ශිෂ්ඨාචාරික දියුණුවට අවශ්‍ය දැණුම කුසලතා සහ ආකල්ප මානව ජනවිඤ්ඤානය තුලට කාවැද්දීමටය. එසේ ශිෂ්ඨාචාරික මිනිසා වැඩසටහන්ගත කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස අප අද භුක්තිවිදින තාක්ෂණය අප අතට පත් විය. එම නිසා අපට එ් තුලින් ලැබී ඇති වගකීම නම් අප විසින් අනාගත මිනිසාව නිර්මාණය කළයුතු වීමය. එහිදී යම් වැදගත් තාක්ෂණයක් වනුයේ කෘතීම බුද්ධි තාක්ෂණයයි.
එහිදී, කෘතීම බුද්ධි තාක්ෂණය සහ රොබෝ තාක්ෂණයේ සංයෝජනය තුල වඩා ඵලදායී මානව රොබෝවරුන් නිර්මාණය කිරීමේ හැකියාව මිනිසාට ලැබේ. ඒ තුල අතීතයේ යම් එක් කාලපරිච්චේදයක මෙන් මිනිසාට යම් අතිරිත්ත කාලයක් ඉතුරු වේ. එම කාල අවකාශය නිසිලෙස ප‍්‍රයෝජනයට ගැනිම තුල බිංදුවයි දශම ගණනක පවතින මානව ශිෂ්ඨාචාරය පළමු මට්ටමේ ශිෂ්ඨාචාරයක් බවට පත්කිරීමට අපට අවකාශය උදාවුනු නොවනුමානය.
නමුත්, මුදල මත පදනම් වූ ආර්ථික ක‍්‍රමයක් තුල සිටින වර්ථමාන මිනිසා එවැනි වෙනසක් සිදු කිරීමට යම් මැළිකමක් දක්වනු පෙනෙන්නට ඇත. එය විවිධ ස්වරූපයේ අපට එදිනෙදා අසන්නට ලැබේ. කෘතීම බුද්ධිය නිසා පවතින රැකියා අහිමිවේය යන බිය, කෘතීම බුද්ධි වැඩසටහන් තුළින් මිනිසා පාලනය කරනු ඇති බව, නීත්‍යානුකූල නොවන කාර්යයන් සඳහා භාවිතය ආදී වූ හේතුන් රාශියක් එයට සාක්ෂි ලෙස පෙළගැසී ඇත. නමුත් එය සිතනතරම් මිනිසාට අහිතකර දෙයක් නොවේ. මක්නිසාදයත්, කෘතීම බුද්ධිය නිර්මාණය කිරීමේ සහ පාලනය කිරීමේ දිව්‍යමය බලය මිනිසා සතුව පවතින නිසාය. එම නිසා එම බලය නිසි ලෙස මෙහෙයවීම තුළ අනාගත ශිෂ්ඨාචාරය වඩා ඵලදායී ශිෂ්ඨාචාරයක් බවට පත්කිරීමට අපට හැකිවනු ඇත

0 Comments
ඔබේ අඳහස් සහ යෝජනා පහතින් දක්වන්න