සෙංකොට්ටං | ඒ අපුරු වූ සුවඳේ කතාන්දරය


කුල ක්‍රමය අතීතයේ සිට ලාංකීය ජනසමාජය තුල බෙදීම් ඇති කල එක සංකල්පයක් විය. උසස් කුල හිමියන්ට උසස් සැලකිලි සහ වරප්‍රසාධද, හීන කුල හිමියන්ට පහත් සැලකිලිද හිමි කරමින් මෙම කුල ක්‍රමය අතීතයේ සිට පැවත ආවේය. මෙහිදී මෙම පොතට වස්තුවිෂය කරගෙන ඇත්තේ එසේ ලාංකීය සමාජය තුල පැවති පහලම කුල පරම්පරාවකගේ ශෝකානුකූල කතාවයි.

ප්‍රවීණ ගත්කතුවරයෙක් වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මතාගේ බොහොම අපූර්ව නිර්මාණයක් ලෙස මෙම කෘතිය හැදින්විය හැක.රදා කුලය එසේද් නොමැතිනම් සේදුම්කරුවන්ගේ කුලය ලෙස අනිකාගේ රෙදි හපුල්ලමින් සහ එම කුලයට පැවරි අනිකුත් රාජකාරිද කරමින් ඉතා අහිංසක ජීවිතයක් ගතකර කුලයක් වටා මෙම නවකතාව දිව යනවා. එහිදී පිටිසර ගමක ජීවත් වූ පොඩිනා තරුණිය වටා මෙම කතාව බොහොම අපූරුවට ගොඩනැගෙනවා. ඒ තුල එම කුල පරම්පරාවට සමාජයේ හිමිවන තත්ත්වය සහ සිදු වන විවිධ හිත්රිදීම් පිළිබදව මෙම රචකයා විසින් මැනවින් පෙන්වා දී තිබෙනවා.සමාජ විශ්වාසයන්ට අනුව බෝසතානන් වහන්සේ නමක් තම බුද්ධත්වය උදෙසා යන චාරිකාවේ කිසිම අවස්ථාවක නොයිපදෙන කුලයක් ලෙස මෙම කුලය හඳුන්වනු ලැබුවා.එහි සත්‍යාසත්වතාවය ගැන නම් නොදනිමි.නමුත් එකල සමාජයේ පිළිගැනීම වූයේ එයයි. විවිධ උත්සව වල  උඩු වියන් යටි වියන් බැදීම, අනෙකුත් උසස් සියළු කුල පරම්පරා වල රෙදි සේදීම, කොටහලු ගෙවල් වල පැවරුම් රාජකාරි කිරීම ආදී රාජකාරි රැසක් මෙම කුලය තුලට පැවරුනු වගකීම් අතර පැවතුනි.මෙහි දී කොටහලු ගෙයක් ලඟ ඒය යන සංඤාව දැක්වීමට සොබාදහම විසින් හරි අපූර්ව සංඤා ක්‍රමයක් භාවිතා කරනු ලබනවා. වහලයේ කලාමැඳිරියෙකු පියාඹීම තුල ලඟදීම කොටහලු මඟුලක ආරාධනයක් ලැබේය යන විශ්වාසය පැරණි කුල පරම්පරා තුල පැවතුනි.තවද මෙම කුල පරම්පරාවට අනන්‍ය වූ බස්වහරක්  තිබුණි. මස්ඉඹුල මහතා විසින් එම බස්වහර ද හරි අපූර්වට මෙම කෘතිය රචනා කිරීමට උපයෝගී කරගෙන ඇත.මෙම පොතට නම වැටී ඇත්තේ (සෙංකොට්ටං) ද එහි එන එක් පාරිභාෂිත වචනයක්ය.මෙම පොත කියවාගෙන යන විට එහි අරුත ඔබට හමුවනු ඇත.

අතීතයේදී මෙම සියලු කුල පරම්පරා සදහා වෙන්වූ ගම්වර තිබිණි. සමහර අවස්ථා වලදී රජුන් විසින් ගම්වර තෑගි කල අවස්ථාද දැකිය හැක.උදාහරණයක් ගතහොත් දඹදෙණි යුගයේ රජකම් කළ දෙවන පරාක්‍රමබාහු රජතුමා හගවත්තේ රෙදි නැන්දා හට ගම්වර තෑගි කළ බව ඉතිහාසයේ සදහන් වේ. නුවර යුගයේදී ජෝන් ඩොයිලිගේ වාර්ථාවලට අනුව වෙනම සේදුම්කාර දෙපාර්ථමේන්තුවක් පැවැති බවත් ඒ තුළින් රජුගේ හා රඳල ප්‍රධානීන්ගේ පැවරුම් රාජකාරි සිදුකල බවත් සදහන් වේ.එම දෙපාර්ථමේන්තුට විධානයවරයෙක් (විදාන හේනයා) සහ අදාල නිලයන් පත්කර තිබූ බව එම වාර්ථා පරිශීලය කිරීමෙන් අපට දැක ගතහැක. රජමාලිගය තුල මහ ගබඩාව තුළ ද, මාලිගාවේ විවිධ කාමර පේළි තුළ ද පිරුවට එල්ලීම, මාලිගාවේ ප්‍රධාන ආවතේවකරුවන්ගේ තාවකාලික ප්‍රයෝජනය සඳහා පිරිසිදු රෙදි සැපයීම, විලක්කු සහ ලාම්පු සඳහා තිර සැපයීම ආදී රාජකාරි රැසක් මෙම කුලයට පැවරුණි.නුවර යුගය තුල මෙම කුල බෙදීම ඉහළ වශයෙන් වර්ධනය විය. ඊට හේතුව වූයේ නායක්කාර වංශික කුමාරවරු ලංකාදීපයේ රජවීමයි.ඒ තුල ඉන්දියාව තුළ දැඩිව පැවති කුලවාදය ලංකාදීපය පුරාද පැතිරගියේය.එසේ වර්ධනය වූ ඒ බෙදීම වර්ථමානය දක්වාම  විවිධ වූ බෙදීම් නිර්මාණය කරමින් පැවතුණි.  එම යුගවල රටේ පැවති විශේෂ ස්ථාන වලට යෑම මෙම සේදුම්කාර/රදා කුලයට තහනම් විය.ඊට හොදම උදාහරණය නම් අතීතයේ ශ්‍රී පද පද්මය වැදීමේ හැකියාව මෙම කුලයත් ඇතුළු තවත් පහත් යැයි සම්මත කුල වලට ඇහිරිණි. යන වන්දනාකරුවාට සිදු වූ යේ පද්මයට පහල සිට වැදපුදා ගෙන නැවත පහලට කරුණා කිරීමටය. නමුත් වර්ථමාන තත්ත්වය නම් ඊට හාත්පස වෙනස් ය. වර්ථමානයේ දී විවාහය, උසස් රැකියාවලට යෑම ආදී දේ හිදී පමණක් මෙම කුල බේදය බලපානු ලැබේ.

ආදරයෙන් අන්ධවී මිනිසුන් සහ ගැහැණු විසින් සිදුකරගනු ලබන අත්වැරදීම් හේතු කොටගෙන ඇතිවන පසුකම්පන තත්ත්වයන් තුල කීර්තිය සහ පතිවත රැකගැනීමට මිනිසුන් සහ ගැහැණුන් කරනු ලබන ක්‍රියාවල ප්‍රථිපල අනාගතය තුල ප්‍රශ්න කරන අවස්ථා බොහෝය.මෙම නවකතාව තුලද එවැනිම ස්වරූපයේ කතාවක් ඇත. ඒ තුල පොඩිනා විසින් නිර්මාණය කරගනු ලබන අනාගතයක් තුල විවිධ චරිත ඔවුන්ට පැවරුනු චරිතයට පනපොවන අන්දම කතාවේ මුල සිට අවසානය දක්වා අපට දැක ගැනීමට හැකිවෙනවා.තවද එම චරිත පොඩිනාගේ අතීත ක්‍රියා නිසා අපහසුතාවයට පත්වන අවස්ථා බොහොමයක් මෙම නවකතාව තුල දක්නට ඇත.එසේ එන වැදගත්ම චරිතය ලෙස පොඩිනාගේ පුතා හැදින්විය හැක.නමුත් ඔහු ඒවාට සාර්ථකව මුහුණ දෙමින් තම අරමුණු ජයගනී. එසේම පොඩිනාගේ පවුලේ අනිකුත් සාමාජිකයන් ද විවිධ වූ සිත්රීදීම් පසුතැවීම් වලට මෙම ක්‍රියා බලපාන අන්දම ඉතා අපූර්වට මෙම රචකයා විසින් රචනාකර තිබෙනවා.සමස්ථයක් ලෙස බුදු රජාණන්වහසේ වසල සූත්‍රය තුල දේශනාකර ඇති ආකාරයට කෙනෙකු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙක් වනුයේ උපතින් නොව තමා කරන ක්‍රියාව අනුවයි යන්න මෙම නවකතාව තුල ඉතා අපූර්වට ඔප්පුකර තිබේ.

‘‘න ජච්‌චා වසලො හොති, න ජච්‌චා හොති බ්‍රාහ්‌මණො;
කම්‌මුනා වසලො හොති, කම්‌මුනා හොති බ්‍රාහ්‌මණො’’ති.

ජාතියෙන් වසල නොවේ. ජාතියෙන් බ්‍රාහ්මණ නොවේ. කර්‍මයෙන් වසල වේ. කර්‍මයෙන් බ්‍රාහ්මණ වේ.


කතෘගේ පිදුම මෙසේ දැක්විය හැක,

"මානව සංහතියේ
නෙක නෙක කිලිටි කෙලෙසුන්
ස්වකීය දෑත්වලින්
සුදෝ-සුදට පවිත්‍ර කර දී
හිස් දෑත් බදාගෙන
හිතේ මොනව දෝ හිර කරගෙන
නිහඬ ව ම මිය පරලොව ගිය
ඒ උසස් මිනිස් වර්ගයාට
භක්ත්‍යාදරයෙන් කෙරෙන
උත්තමාචාරය
මෙසේ සලකුණු වන්නේ ය..."

ප්‍රකාශනය
සන්ථව ප්‍රකාශන
68A/116,
ඉසුරු මාවත, ගම්පහ පාර,
යක්කල.
Facebook - santhawa prakashana

ISBN 978-955-0980-00-0



>> ආශ්‍රිත ග්‍රන්ත : ඩොයිලි දුටු උඩරට රාජ්‍යය (පරිවර්තනය-උපාලි රත්නායක)


Author by Hasitha_Chathuranga






Tags:

Share:

0 Comments

ඔබේ අඳහස් සහ යෝජනා පහතින් දක්වන්න