සංවර්ධනය වෙමින් පවතින රටකට Big Data සහ AI වල ඇති වැදගත්කම.
මිනිස් ශිෂ්ඨාචාරය මේ වන විට තවත් එක් හැරවුම් ලක්ෂයක් පසුකරමින් සිටී. එනම් කෘතීම බුද්ධිය හා බැඳුනු විවිධ තාක්ෂණික දෑ භාවිතයට ගැනීමයි. ඒ අනුව ආසන්නතම සිදුවීම් ලෙස chatGPT, Bart වැනි කෘතීම බුද්ධි වැඩසටහන් තුලින් මිනිස් ගතිපැවතුම් නොසිතූවුරූ ලෙස මේ වන විට වෙනස් වෙමින් පවතී.එහිදී එදිනෙදා කටයුතු පහසුකරගැනීම සඳහා මෙම කෘතීම බුද්ධි වැඩසටහන් භාවිතා කිරීමට මිනිසුන් පෙළඹ සිටී. තවද ලෝකය තුල මිනිසුන් ගණනාවකයේ රැකියා අනාරක්ෂිතතාවයක් මේ තුලින් ඇති වී ඇති බව නොරහසකි. නමුත් එම තත්ත්වය මිනිසුන් අවබෝධ කරගෙන සිටින ආකාරය වැරදිය.
මේ වන විට කිසිදු AI එකක් මගින් කිසිදු රැකියාවක් අහිමි නොවන අතර එහෙත් කෘතීම බුද්ධිය භාවිතා කිරීමට හසල දැණුමක් ඇති අයෙකු තුලින් ඔබේ රැකියාව අහිමි වීමේ අවධානමක් පවතී.එම නිසා එවැනි කෘතීම බුද්ධි වැඩසටහන් භාවිතා කිරීමට දැන සිටීම අනාගත ආයෝජනයක් වනු ඇත.
සංවර්ධනය වෙමින් පවතින රටවලට කෘතීම බුද්ධි තාක්ෂණය මෙන්ම Big Data තාක්ෂණයේ ඇති වැදගත්කම පිළිබඳව මෙහිදී දැක්වීමට බලාපොතොත්තු වෙමි.පළමුව අප Big Data යන්නට ඇති නිර්වචන සලකා බලමු.
"The definition of big data is data that contains greater variety, arriving in increasing volumes and with more velocity. This is also known as the three Vs."
www.oracle.com
සරලව Big Data තුලින් සිදුවන්නේ විවිධ මූලාශ්‍ර වලින් පාරිභෝගිකයන්ගේ/ජනතාවගේ/වෙනත් තොරතුරු ජනනය වන මූලාශ්‍ර වලින් තොරතුරු එක් රැස් කිරීමයි.එම එකතු කරගනු ලබන තොරතුරු නිවැරදි ක්‍රමවේදයකට අනුව සැකසූ විට විවිධ තීරණගැනීම් සඳහා එම තොරතුරු භාවිතා කිරීමේ හැකියාව පවතී. ඒ සඳහා AI තාක්ෂණයේ ද සහාය ලබාගැනීම තුල වඩා හොඳ තීරණ ගැනීම් වලට එලඹීමට හැකියාව උදා වේ. මෙහිදී අංශ කීපයක් ඔස්සේ සංවර්ධනය වෙමින් පවතින රටකට Big Data වල ඇති වැදගත්කම දැක්වීමට බලාපොරොත්තු වෙමි.
01. ආර්ථික සංවර්ධනයට
මෙහිදී ආර්ථික සංවර්ධනය උදෙසා ඉතා විශාල කාර්යය භාරයක් Big Data මගින් සිදුකරගත හැක.එහිදී වෙළදපොල නව ප්‍රවණතා හඳුනාගැනීම, විකුණුම් රටා හඳුනාගැනීම ආදී බොහෝ දෑ මේ තුලින් දැනගැනීමේ හැකියාව පවතී. ඒ ඔස්සේ යමින් ඉතා හොඳ තීරණ ගැනීමේ හැකියාවක් පවතී. තවද මීට AI තාක්ෂණයේද සහාය ලබාගැනීම තුලින් අනාගත වෙළදපොල තත්ත්වයන් පිළිබඳව වඩා හොඳ අවබෝධයකින් යුතුව ඒවාට මුහුණ දීමේ හැකියාව උදා වේ.
02. කෘෂි කර්මාන්තය සඳහා
මෙහිදී කෘෂි කර්මාන්තයේ දියුණුව උදෙසා විශාල මැදිහත් වීමක් ලබා දීමේ හැකියාව AI සහ Big Data වලට ඇත.එක් උදාහරණයක් ලෙස අපට මීට වසර ගණනාවක කාලගුණ තත්ත්වයන් පිළිබඳ තොරතුරු Big Data තාක්ෂණය ඔස්සේ ලබා ගැනිමේ හැකියාව පවතී.එම රැස්කරගත් තොරතුරු උපයෝගී කර ගනිමින් AI පද්ධති මගින් වඩා නිවැරදි පුරෝකථන ලබා ගැනීමේ හැකියාවක් මෙහිදී උදා වේ.ඒ තුල ඉතා නිරවද්‍ය කාලගුණ අනාවැකි ඵලකිරීමේ හැකියාවක් අදාළ අංශයන් වෙත ලැබේ.
එම තොරතුරු ගොවියන් වෙත වඩා ඵලදායී ක්‍රම උපයෝගීකරගෙන ලබාදුන් විට ඒ ඔස්සේ වඩා හොඳ අස්වැන්නක් ලබාගැනීමේ හැකියාව ඇති වේ. තවද විවිධ කෘෂිකාර්මික පද්ධති පාලනය කිරීම සඳහා ද මෙම තාක්ෂණයන් උපයෝගී කරගත් හැක. මෙවැනි වූ ඉතා පුළුල් පරාසයක් තුල විහිදයන ප්‍රයෝජන ගණනාවක් මෙම තාක්ෂණයන්ගේ භාවිතය තුලින් ලබාගැනීමේ හැකියාව උදා වේ.(ඊශ්‍රයලය මේ වන විට කෘෂිකර්මාන්තය සඳහා AI තාක්ෂණය භාවිතා කරනු ලැබේ).
03. මූල්‍ය ශේත්‍රයට
මෙහිදී දියුණු වෙමින් පවතින රටවල දැනගැනීමට හැකි වන ප්‍රධාන දුර්වලතාවයක් වනුයේ මූල්‍ය ගණුදෙනු විනිවිධ භාවයක් තොරව සිදු වීමයි. ඒ තුල විශාල වංචා තොගයක් සෑම රටකම පාහේ සිදුව ඇත.එම තත්ත්වයන් බැහැරකර වඩා හොඳ මූල්‍ය ව්‍යුහයක් සෑදීමට මෙම තාක්ෂනයන් භාවිතය තුලින් හැකියාව ලැබේ.
උදාහරණයක ලෙස යම්කිසි ව්‍යාපාරිකයෙකු හෝ පුද්ගලයෙකු ණය ලබාගැනීමට යාමේ දී ඔහුට එම ණය මුදල් ලබා දෙන්නේද නැද්ද යන්න පරික්ෂා කිරීමට Big Data සහ AI තාක්ෂණය උපයෝගීකරගැනීමේ හැකියාව පවතී. ඒ තුලින් එම ව්‍යාපාරයේ හෝ පුද්ගලයන්ගේ ගණුදෙනු රටා අද්‍යනය කර ඔහුට එම මුදල් නැවත ගෙවීමේ ශක්‍යතාවයක් පවතීනම් අදාල ණය මුදල් සඳහා අනුමැතිය ලබාදීමේ හැකියාව පවතී.
04. තීරණ ගැනීමේ හැකියාව වැඩි වීම
දියුණු වෙමින් පවතින රටක්හට විවිධ දෑ සඳහා වඩා තාර්කික තීරණ ගැනීම් සිදු කිරීම ඉතා වැදගත් වේ. ඒ තුල තම රටේ අනාගතය තීරණය කිරීමේ හැකියාව රඳා පවතී. එම නිසා Big Data සහ AI තාක්ෂණයන් උපයෝගී කරගනිමින් වඩා ඵලදායී විසදුම් ලබාගැනීමට හැකියාව උදාවනු ඇත.
05. පිරිවැය පාලනය
මෙහිදී දියුණු වෙමින් පවතින රටවල තවත් එක් දුර්වලතාවයක් ලෙස අධික පිරිවැය හැදින්විය හැකිය. මෙහිදී විවිධ ශ්‍රේෂ්ත්‍ර වල කටයුතු වල දි අනවශ්‍ය පිරිවැයන් දැරීම දැකගත හැක.එම පිරිවැය පාලනය කිරීම සඳහා අපට Big data සහ AI තාක්ෂණයේ සහාය ලබාගත හැක.ඒ තුල විවිධ ක්‍රම උපයෝගී කරගනිමින් වර්ථමාන පිරිවැයන් මෙන්ම අනාගත පිරිවැයන්ද පාලනය කරගැනීමේ හැකියාව උදාවනු ඇත.
මේ තුලින් පැහැදිලි වන කාරනය නම් Big Data සහ AI තාක්ෂණයන් උපයෝගීකරගැනීම තුල දියුණු වෙමින් පවතින රටවලට වඩා පහසුවෙමින් සංවර්ධිත රටක් වීමේ හැකියාව ඇති බව පැහැදිලි වේ.නමුත් මෙම තාක්ෂණයන් භාවිතයේ දැණුම එම රටවල් තුල නොමැති වීම,ප්‍රාග්ධනයේ පවතින ඌනතාවයන්, තාක්ෂණයන් භාවිතය ගැන විශ්වාසයක් නොතිබිම වැනි කාරණා රාශියක් මෙම දියුණු වෙමින් පවතින රටවල මීට විරෝධ තර්ක ලෙස පැමිනිය හැක.නමුත් ඒවා නිසි ලෙස කළමණාකරනය කළහොත් වඩා හොඳ ප්‍රතිඵල ලබාගැනීමේ විශාල හැකියාවක් පවතින බව නොරහසකි.
අවසාන වශයෙන් තාක්ෂණික දියුණුව කිසිවිටක මිනිසාට තර්ජණයක් නොවන අතර එම තාක්ෂණයන් මිනිසා විවිධ අරමුණු උදෙසා භාවිතා කිරීමේ ප්‍රතිඵල අහිතකර ලෙස මිනිසාට බලපෑ හැකිය.
Author by Hasitha_Chathuranga
Tags:
Tech

0 Comments
ඔබේ අඳහස් සහ යෝජනා පහතින් දක්වන්න