Baarle Nassau



අප ජීවත් වන ලෝකය විවිධාකාර පුදුම වලින් සමන්විත එකකි.අද මාතෘකාවට අදාල නගර සභා දෙකම ඉතා අපූර්ව දේශසීමා පවතින ප්‍රදේශක් වේ. මේ වන විටද දේශසීමා ගැටළු මුල්කරගනිමින් දැවැන්ත යුද්ධ ක්‍රීයාත්මක වන සමයක මෙම නගර සභා දෙක යටතේ පාලනය වන ප්‍රදේශය තුල වාසය කරන මහජනතාව ලෝකයටම ආදර්ශයකි.මුල් යුගවල දී මෙම නගර සීමා අතර යම් යම් ප්‍රශ්නකාරී තත්ත්ව ඇති වූ බව සත්‍යකි.නමුත් විසිවන සියවස තුල දී එම තත්ත්වයන් මඟහරවා ගනිමින් ඉතා දියුණු සමාජ තත්ත්වයක් භුක්ති විදීමේ භාග්‍ය ඔවුන් අත්කර ගෙන ඇත. Baarle-Nassau (බාර්ලෙ නසාවු) හි ඇති විශේෂත්වය වනුයේ එහි පවතින දේශසීමා ප්‍රෙහේලිකාවයි. බාර්ලෙ නසාවු නගරය තුල බෙල්ජියමට මෙන්ම නෙදර්ලන්තයටද අයත් භූමි ප්‍රදේශ ඇත. මෙම නගරය හරහා ගමන් කිරීමේ දී දේශසීමා අතර මාරු වීම් 33 තුනක් පමණ සිදු වන බව පැවසේ.එනම් එක් කොටසක් තුලදී බෙල්ජියම් දේශසීමාව හරහා නැවත නෙදර්ලන්තයට ආදී ලෙස රටවල් දෙක අතර දේශසීමා මාරු වීම සිදු වේ.එය හරි අපූරු අද්දැකීමක් වන අතර මේ නිසාම මෙම නගරය වෙත ඉතා හොද සංචාරක ආකර්ශනයක් ලැබී ඇත.



මුලින්ම අප මේ දේශසීමා ප්‍රෙහේලිකාව ඇති වීමට හේතු වූ කරුණ පිළිබඳව අවබෝධයක් ලබා ගනිමු.  දොලොස් වන සියවස කරා මෙහි ඉතිහාසය දිවයයි.Brabant ආදිපාදිවරයා විසින් පාලනය කළ බලප්‍රදේශයට අයත් වූ මෙය කල්යත්ම විවිධ වංශවත් පවුල් වලට මෙම නගරයේ පාලන බලය හිමිවිය. පසුව නසාවු  පවුලට මෙහි බලය හිමි වූ අතර ඒ තුලින් මෙම බලප්‍රදේශයට බාර්ල්-නසාවු යැයි නම් ලැබුණි.පසුව මෙම දේශසීමා ප්‍රශ්නයට හේතු වූයේ 14-15 සියවස් වල සිටි බ්‍රබන්‍ට් ආදිපාදවරයාගේ සහ ලීජ් හි ප්‍රින්ස්-බිෂොප් (වර්ථමාන බෙල්ජියමේ පිහිටි නගරයක්) අතර ඇති වූ ආරවුලකි. මෙය පසුව ඉඩම් බෙදීමකට තුඩු දුන් අතර, එහි ප්‍රතිථලයක් ලෙස අධිකරණ බල ප්‍රදේශ දෙක අතර වාසස්ථාන ඇති විය. (Baarle Nassau සහ Baarle Hertog). වසර ගණනාවක් පුර ගැටුම්, ගිවිසුම් ඇති වීම් ආදී පරිවර්ථන අවධි කීපයක් පසුකරමින් ඉදිරියට පැමිණුනි. මෙහි වැදගත්ම සිදුවීම සිදුවූයේ 1830 දී බෙල්ජියම නෙදර්ලන්තයෙන් නිදහස ලැබීමත් සමඟයි. එහිදී දේශසීමා මායිම් කිරීමේ දී පැවති බෙදීම් නොවෙනස්ව පැවතුනි.එනම් මෙම නගරය තුල බෙල්ජියමට අයත් කොටස් මෙන්ම නෙදර්ලන්තයට අයක් කොටස් ද පැවතීමයි. එයට හේතුව වූයේ එම කොටස් පාලනය කළ නගරාධිපතිවරුන්ගේ පැවති දේශපාලන මතිමථාන්තරයි. ඒ තුලින් මෙම දේශසීමා ප්‍රෙහේලිකාව ඇති විය.

පහතින් දක්වා ඇත්තේ එම නගරයේ දේශසීම සලකුණු කරන ලද සිතියමකි.

                                                                    BE - Belgium
                                                                    NL - Netherland 



මෙම නගරය තුල තත්පර තිහකටත් අඩුකාලයක් තුල එක් රටකින් ඇතුල් වී අනෙක් රට කරා යෑමට හැකි යාව ඇත.එවැනි දෙයක් එවන් අඩුකාලයක් තුල සිදුකළ හැකි ලොව ඇති එකම ස්ථානය එයයි.තවද මෙම දේශසීමා බෙදී ගොස් ඇති ආකාරයද ඉතා විනෝදජනක අද්දැකීම් ගෙන දෙනු ලබයි. එවැනි අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

>> මහා මාර්ගය ඔස්සේ ගමන් කිරීමේ දී මාර්ගයේ දකුණු පස එක් රටකටද වම් පස තවත් රටකටද අයත් වී ඇති අවස්ථාවක් 







>> අවන් හලක් තුල දේශසීමා බෙදී ගොස් ඇති ආකාරය




>> නිවසක් ඇතුල දේශසීමා බෙදී ගොස් ඇති ආකාරය



තවද, මෙහි තවත් විශේෂත්වයක් පවතී. මෙම දේශසීමා ප්‍රෙහේලිකාව තුල ජාත්‍යන්තර නීතී ක්‍රියාත්මක වීමේදී ඉතා සංකීර්නතාවලට මුහුණදීමට සිදු වේ.එයට හේතුව මෙම පාලන ප්‍රදේශ දෙකට ඊට අදාල රටේ නීතිය බලපැවැති වීමයි.එනම් බෙල්ජියමට අයත් ප්‍රදේශයන් හට ඊට අදාල නීතිරීති බලපාන අතර නෙදර්ලන්තයට අයත් ප්‍රදේශ වලට එම රටට අදාල නීතිරීති බලපැවැත් වේ. මෙහි අප ජීවිත වලට ගතහැකි පාඩම් කීපයක්ම ගැබ්ව පවතී. මිනිසා සියලු ප්‍රයත්න්‍යයන් දරන්නේ සතුට ලගා කරගැනීම සදහායි.එතුල ඇතිවන මානසික සහනය භුක්ති විදීමටයි. ලොව අනෙකුත් බොහෝ රටවල් දේශසීමා ආරවුල් තුල ගැටෙමින් වාසය කරන පසුබිමක බාර්ලෙ-නසාවු වාසීන් ඉතා සාමකාමී ලෙස ජීවිතය ගත කිරීම තුල ඔවුන් සොයන සතුට ඔවුන්ට ලගාකර ගැනීම පහසු වී ඇත. මෙහිදී සදහන් කළ යුතු තවත් කාරණයක් නම් බාර්ලෙ නසාවු තුල අද වන විටද දේශසීමා ගැටළු හිසමත තබාගත් පිරිසක් ජීවත් වීමයි.නමුත් සමස්ථකයක් ලෙස ගත් කළ එය ඉතා කුඩා ප්‍රතිශතයකි. ඒ තුලින් පෙනීයන්නේ ඉතා ශක්තිමත් සාමූහික එකඟතාවක් ගොඩනැගුනු පසු එය බිඳ දැමීම ඉතා අසීරු බවයි.





Author by Hasitha_Chathuranga

Share:

0 Comments

ඔබේ අඳහස් සහ යෝජනා පහතින් දක්වන්න