Turing Machine [Christopher]


ඔබ මෙම blog අඩවිය පරිශීලනය කිරීම සඳහා විවිධ වර්ගයන්ගේ තාක්ෂණික මෙවලම් නිසැකවම භාවිතා කරනු ලබනවා.එහි දී මදක් සිතා බැලුවාද අද අපට මෙසේ පහසුවෙන් එම මෙවලම් භාවිතා කිරීම සදහා ශිෂ්ඨාචාරය තුල මිනිසුන් කළ කැපකිරීම් පිළිබඳ.අද මගේ මාතෘකාව වන්නේ එසේ තාක්ෂණික ලෝකය වෙනස්ම මාවතකට ගෙන ගිය අපූර්ව නව නිපැයුමක් සඳහායි. එනම් වර්ථමාන පරිගණය නිර්මාණයට අඳහස් ජනිත කරමින් 1936 දී ඇලන් ටියුරින් විසින් නිර්මාණය කරනු ලැබූ ටියුරින් (Turing) යන්ත්‍රය පිළිබදවයි. එහිදී ඊට මඟ පෑදුනු හේතු සාධක සහ ඒහා බැදී පවතින විවිධ සිදුවීම් පිළිබඳව යම් අදහසක්  දැක්වීමට මා බලාපොරොත්තු වෙනවා.

මෙහිදී මාතෘකා 03ක් යටතේ මෙම නිපැයුම පිළිබඳව කරුණු ඉදිරිපත් කරනු ලැබේ.

01) cryptography ඉතිහාසය
02) Enigma යන්ත්‍රය 
03) Turing යන්ත්‍රය 

Cryptography යනු  කුමක්ද සරලවම අප තේරුම්ගන්නේ නම් එහි අදහසවනුයේ යම් පණිවුඩයක් තුන්වන පාර්ශවයක් හට විකේතනය(තේරුගම නොහැකි අයුරින්) කළ නොහැකි පරිදි දෙපාර්ශවයක් අතර හුවමාරු කර ගැනීමයි. එහිදී එය විශේෂිත ක්‍රම උපයෝගී කරගනිමින් සිදුකරනු ලැබේ. මෙහි ඉතිහාසය දෙස හැරී බැලීමේ දී අප කවුරුත් දන්න ජුලියර් සීසර්  (අප කවුරුත් ආසාවෙන් බැලූ සූර පප්පා කාටූනයේ සීසර්) විසින් සිය යුදමය මෙහෙයුම් වලදී මෙම ක්‍රමය භාවිතා කර ඇත. ඒ තුල සතුරු රටවල් හට සීසර්ගේ පණිවුඩ ලැබුනද ඒවා කියවා ගත නොහැක. එහිදී සීසර් භාවිතා කළ ක්‍රමය වූයේ ඉංග්‍රීසි හොඩියේ අකුරු ස්ථාන තුනක් පසු කර ලිවීම මගිනි.

Eg: A  B C D E F G
        -  - - A B C D

එකල එම ක්‍රමවේදය කිසිවෙකුට හදුනාගත නොහැකි උනත් පසුකලෙක අරාබි ජාතික ගණිතඥයෙක් විසින් හදුනාගනු ලැබුවා.තවද බ්‍රිතාන්‍ය රජපවුල විසින් ද ඔවුට ආවේනික වූ රහස් කේත ක්‍රමයක් භාවිතා කරනු ලබනවා.ඒ තුල යම් යම් අවස්ථාවල රජපවුලේ සාමාජිකයන්ට ජීවිත වලින් පවා වන්දි ගෙවීමට සිදු වූ අවස්ථා දැකගත හැක.ගස් කඳන් වල පාඨ ඇතුලත් තීරු උපයෝගී කරගෙන සන්නිවේදනය කළ අවස්ථාද දැක ගත හැක. තව ලෝකයට නිරාවනය නොවූ මෙවැනි ව්‍යාජ කේත ක්‍රම රාශියක් තිබෙන්නට ඇත.නමුත් ඉතිහාසය තුල ලියවී ඇත්තේ ඉහත සඳහන් අවස්ථාවන්‍ ය.

මෑත ඉතිහාසය දෙස හැරී බැලීමේ දී අපට හමුවන වැදගත්ම Encryption උපකරණය/ නිපැයුමවනුයේ  දෙවන ලෝක සමයේ දී හිට්ලර්ගේ අනකිරීම් මත නාසි විද්‍යාඥයන් විසින් නිර්මාණය කරනු ලැබූ "එනිග්මා" (Enigma) යන්ත්‍රය දැක්විය හැක. එය කිසිවෙකුට විසදිය නොහැකි තරම් ඉතා නිර්මාණශීලී ලෙස නිපැයූ යන්ත්‍රයක් වේ. නමුත් අපේ කතානායක ටියුරින් මහතා ඇතුළු කණ්ඩායම විසින් මෙම කේතය ඉතා සාර්ථක ලෙස Track කළ හැකි යන්ත්‍රයක් නිර්මාණය කරනු ලබනවා.එය පසුවට දැක්වීමට බලාපොරොත්තු වන අතර ඊට පෙරාතුව අප එනික්මා යන්ත්‍රයේ තාක්ෂණික පැතිකඩ පිළිබඳව සලකා බලමු.


ඉහත දක්වා ඇත්තේ එනික්මා යන්ත්‍රයේ ඡායරූපයක් වේ.මෙහිදී මෙම උපකරණය ප්‍රධාන කොටස් හතරකට අපට බෙදිය හැක.සරලවම ගතහොත් මෙහි ඇත්තේ ඉතා සංකීර්ණ විදුලි පරිපථයකි.ඒ ඔස්සේ විද්‍යුත් ධාරාව ගලායාමට සැලැස්වීම තුල ඇතුල් කරනු ලබන පණිවුඩය අවස්ථා 7-9 අතර වාර ගණ්නකදී වෙනස් වේ.එනම් ආදානය කරනු ලබන ආදානයට හාත්පස වෙනස් ප්‍රතිධානයක් ලබාදෙනු ලැබේ. එහිදී Keyboard, plugboard, wheels සහ lampboard ලෙස නම් කරන කොටස් 4ක් ඇත.ඊට අමතරව කුඩා බැටරියක් ද ඇත. මෙම කොටස් ඔස්සේ විද්‍යුත් ධාරාව ගමන් කිරීමට සලස්වා විවිධ ක්‍රම (plugboard එක මගින් වයර් මාරු කර සවි කිරීම)  ඔස්සේ ලබාදෙන පණිවුඩය සාර්ථකව කිසිවෙකුට විකේතනය කළ නොහැකි තත්ත්වයට පත් කරනු ලැබේ. මිත්‍ර හමුදාවේ පිහිට වූ විශේෂිත ඒකකය මගින් විවිධ ක්‍රම උපයෝගී කරගෙන මෙම කේතය track කිරීමට උස්සාහ කළ ද ඔවුන් අසමත් විය.ඒ නිසා මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් නැති විය.මෙසේ කාලය ගතවත්ම අප කතානායක ඇලන් ටියුරින් මහතා මෙම කේතය track කිරීමට බ්‍රිතාන්‍යයේ පිහිටුවා තිබූ ඒකකය වෙත ගොස් තමාට එම කාර්යය කළ හැකි බවත් ඊට තමාට අවස්ථාව ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය. ඊට යම් යම් බාධා මතු උවද අවසානයේ දී ඔහුට එම අවස්ථාව හිමි විය. ඒ සදහා දැනට රාජකාරි සිදුකර කණ්ඩායමට ඇලන් මහතා ද පත්කරනු ලැබීය. ඇලන් මහතා නම් ඊට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත.ඊට හේතුවනම් ඔහු තනිව වැඩ කිරීමට අතිශය ප්‍රිය කිරීමයි. ඉන් අනතුවරු ඇලන් මහතා ටියුරින් මැෂිම සෑදීමේ ඉතුරු වැඩ කරයුතු කරගෙන ගියේය. එහි අදහස නම් ඇලන් මහතා අවසර හමුවීමට ප්‍රථම මෙම යන්ත්‍රය සෑදීම ආරම්භ කර තිබූ බවයි.


මෙසේ කල් ගියද යන්ත්‍රය සාර්ථක ලෙස නිමකිරීමට නොහැකි විය.එහිදී ඇලන් මහතාට සහයකයෙකු පත්කර ගැනීම සදහා ප්‍රසිද්ධ ප්‍රෙහේලිකා පැනය මහජනයාට යොමු විය.එනම් ඔහු ඉදිරිපත් කරන ප්‍රෙහේලිකාව දෙනලද කාලසීමව තුල නිම කිරීමයි. මෙම අභියෝගය එක් කාන්තාවක් විසින් දෙනලද කාලසීමාවටත් ප්‍රථම නිම කල අතර ඇය සහ ඊලට සම්පූර්ණ කල දෙදෙනා සහයකයින් ලෙස බදවා ගන්නා ලදී .ඉන් අනතුරුව තේරීපත් වූ සහයිකාව [Joan Clarke - Alan Turing Wife] විසින් මෙම යන්ත්‍රය සාර්ථකව නිම කිරීමට විශාල සේවාවක් ඉටුවිය. ඇය කණ්ඩායම අතර සමගිය ගොඩනැගූ අතරම ඇයගේ දැණුමද ඇලන් මහතා ගේ කාර්යය සාර්ථක කරගැනීමට ලබාදුනි.



 අවස්ථා කීපයකදීම අසාර්ථක වූ මෙම යන්ත්‍රය ඉතිහාසයේ එක්තරා දිනයකදී යහළුවන්  අතර වූ විහිළු කතාවක් තුලින් ටියුරින් මහතාට තේරුම්ගැනීමට අපහසුව තිබූ කොටසක් තේරුම් ගැනීමට හැකිවිය. ඒ ඔස්සේ සිතීමේ අවසාන ප්‍රතිඵලය වූයේ මෑත ඉතිහාසයේ ලොව බිහි වූ කෲරතම පාලකයා වූ ඇඩොෆ් හිට්ලර්ගේ ජීවිතයේ පැවැත්ම බ්‍රිතාන්‍යයේ නිපදවූ යන්ත්‍රයක් අතට පත් වීමයි.ඉන් අනතුරුව ඉතා රහසේ මිත්‍ර හමුදා වෙත මෙය දැන්වූ අතරම මිත්‍ර හමුදා විසින් ඔවුන්ගේ සැලසුම් අනුව ප්‍රහාර එල්ල කරන බව ලෝකයාට පෙන්වමින් හිට්ලර්ට එරෙහිව යුද වැදුනි.නමුත් සැබවින් සිදු වූයේ ඇලන් මහතා ලබාදෙන දත්ත වලට අනුව මිත්‍ර හමුදා ක්‍රියා කිරීමයි.එහි අවසාන ප්‍රතිඵලය වූයේ ලොවක් බියපත් කල ඒ කෘරතර පාලක ඇඩොෆ් හිට්ලර් හට තම පෞද්ගලික ගිණි අවියෙන් තම බිරිදට සහ තමාට වෙඩිතබාගෙන සියදිවි නසාගනීම දක්වා යුද්ධය මිත්‍ර හමුදා විසින් දියත් කිරීමයි.

ඇලන් ටියුරින් මහතා විසින් මෙම විශ්මිත නිර්මාණය සිදු කිරීම නිසා දෙවන ලෝක යුද්දය වසර දෙක්කට පමණ පෙරාතුව අවසන් කිරීමට හැකි වූ  අතරම මිනිස් ජීවිත් මිලියන 14ක් පමණ ආරක්ෂා උණි. ඒ වගේම ටියුරින් මහතා න්‍යායාත්මක පරිගණක විද්‍යාවේ සහ කෘතිම බුද්ධියේ පියා ලෙස හදුන්වනු ලැබේ.නමුත් ඇලන් ටියුරින් මහතාට අත් වූයේ හිට්ලර්ට අත්වූ ඉර්ණමට සමාන ඉරණමකි.මෙම සිදුවීම් පෙල ලෝකයා විසින් සැගවීමට හේතුව එයයි. මක්නිසාදයත් ඇලන් මහතා සමරිසි පුද්ගලයෙකි. බ්‍රිතාන්‍ය තුල ඒ වන විට සමරිසි බව දඬුවම් ලැබිය හැකි වරදකි.එදිරිවාදීන් ඇලන් මහතාගේ මෙම තත්ත්වය පිළිබඳ ඔත්තු සැපයූ අතර ඒ ඔස්සේ එතුමා අධිකරණමය ක්‍රියාවලියක් ඔස්සේ වරදකරු විය. එහි තීන්දුව වූයේ හෝමෝන ප්‍රතිකාර ඔස්සේ සමරිසි හැගීම් නැති කිරීමටය.නමුත් එම ප්‍රතිකාර ක්‍රම නිසා ඔහුට වැඩි කලක් ජීවත් විය නොහැකිවිය.1952 දී ඔහු ලෝකයෙන් සමුගන්නා ලදී. නමුත් ජීවත්ව සිටි අවසාන කාලයේ දී එතුමා විසින් ටියුරින් යන්ත්‍රයට අදාල සියළු ලියකියවිලි ගිනිබත් කලහ. ඒම නිසා එම තාක්ෂණික දැණුම ලෝකයට අහිමි උනි. 








Author by Hasitha_Chathuranga

Tags:

Share:

2 Comments

ඔබේ අඳහස් සහ යෝජනා පහතින් දක්වන්න